හෝමාගමදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට

​හෝමාගම ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී හෙරොයින් සහ ‘අයිස්’ (ICE) මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. කැලණිය පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් සිදු කරන ලද මෙම මෙහෙයුමේදී, ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක් සහ ග්‍රෑම් 688කට අධික ‘අයිස්’ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ පුරුෂයින් තිදෙනෙකු සහ කාන්තාවක් වන අතර, ඔවුන් පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 827

Leave A Reply

Your email address will not be published. Required fields are marked *