අනුරාධපුර සංවර්ධන සැලැස්මට සහාය දෙන ලෙස වැඩබලන අටමස්ථානාධිපති හිමියෝ ඉල්ලති

යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් නොකර, එය සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස වැඩබලන අටමස්ථානාධිපති සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියෝ ඉල්ලා සිටිති. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළ අතර, එහිදී අනුරාධපුර පූජාභූමි සංවර්ධන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක සභාවේ රැස්වීමක් ද පැවැත්විණි.​මෙම සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් ඇතැම් කරුණු ජනතාව වෙත නිසි පරිදි සන්නිවේදනය කිරීමට නොහැකි වීම පිළිබඳව උන්වහන්සේ කනගාටුව ප්‍රකාශ කළහ. පූජාභූමිය වටා වැටක් ඉදිකිරීමේ යෝජනාව හේතුවෙන් ජනතාව අතර වැරදි අවබෝධයක් නිර්මාණය වූ බවත්, එම වැට ඉදිකිරීමේ යෝජනාව මේ වනවිට සම්පූර්ණයෙන්ම අත්හැර දමා ඇති බවත් උන්වහන්සේ තහවුරු කළහ.​එමෙන්ම, පූජා නගරය තුළ දැනට පදිංචිව සිටින ජනතාව ඉවත් කිරීමේ කිසිදු අදහසක් හෝ සැලසුමක් රජයට නොමැති බව උන්වහන්සේ දැඩි ලෙස අවධාරණය කළහ. පූජාභූමියේ පවතින පුරා විද්‍යාත්මක ස්මාරක ආරක්ෂා කරගනිමින්, වඩ වඩාත් පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව විධිමත්ව කළමනාකරණය කිරීම මෙම සංවර්ධන ව්‍යාපෘතියේ මූලික අරමුණ වන බැවින්, අනවශ්‍ය බියක් ඇති කර නොගෙන සංවර්ධනයට සහයෝගය දක්වන ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,425

Leave A Reply

Your email address will not be published. Required fields are marked *