අමෙරිකාවේ නව සැලැස්මට ඉන්දියාව සහාය

ගාසා ගැටුම් අවසන් කිරීම සඳහා වූ අමෙරිකාවේ නව සැලැස්මට ඉන්දියාව සහාය දක්වා තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යොමු කළ පණිවුඩය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Truth Social ඔස්සේ නැවත පළ කර ඇති බවය.
මෙම සැලැස්ම පලස්තීන සහ ඊශ්‍රායල ජනතාවට මෙන්ම කලාපයට දිගුකාලීන තිරසාර සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා ශක්‍ය මාවතක් ලබාදෙන බව ද ඔහු පවසා තිබේ.
ඒ අනුව මෝදි වැඩිදුරටත් පවසා ඇත්තේ ජනාධිපති ට්‍රම්ප්ගේ මුලපිරීම පිටුපස සියලුදෙනා එක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවය.

What's your reaction?

Related Posts

1 of 868

Leave A Reply

Your email address will not be published. Required fields are marked *