ඉදිරි පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයක්

ඉදිරි පැය 24 කාලය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වයඹ පළාතේ ද ස්ථාන කිහිපයක වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකිය.​මධ්‍යම, ඌව, නැගෙනහිර පළාත් සහ පොලොන්නරුව, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි පතිත වීමේ හැකියාවක් ද පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇත.​ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,401

Leave A Reply

Your email address will not be published. Required fields are marked *