උපාධිධාරීන් බඳවා ගැනීමට දැනුම මිරිම තරඟ තියන්න ආවොත් අපට වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන්න සිද්ධ වෙනවා

උපාධිධාරීන් බඳවා ගැනීමට දැනුම මිරිම තරඟ තියන්න ආවොත් අපට වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන්න සිද්ධ වෙනවා – රවි කුමුදේශ්, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය

මාස හයෙන් හයට ගහන්න ඕන ගැසට් එක අවුරුදු හතරක් තිස්සේ ප්‍රමාද කරලා, පරිපූරක වෛද්‍ය උපාධිධාරීන්ට දැනුම මිනුම තරග තියන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට පුදුමාකාර උවමනාවක් තියෙන්නේ.

තමන්ගේ උපාධියට අදාල විෂය කොච්චර දැනගත්තත්, විෂයට අදාලම නැති දැනුම මිනුම තරඟයෙන් ලකුණු ගත්තෙ නැත්නම්, ඒ උපාධිධාරියාට ගෙදර ඉන්න වෙනවා. රට පුරා විභාග මධ්‍යස්ථාන ඇරගෙන සෞඛ්‍ය මහා මෙහෙයුමක් කරන්නේ උපාධිධාරීන් බඳවා ගැනීමේ වඩා කීයක් හගන්න කියලයි අපිට හිතෙන්නේ

රමේෂ්පතිරණ ඇමතිවරයා කතාවෙන් විසඳුම් දීලා මාස අටක්. දරුවෙක් හැදුවනම් ප්‍රසූත කරන්නත් කාලෙ ළංවෙලා. හැබැයි ඒ සාකච්ඡාවම පුස්සක්.

බඳවා ගැනීමේ පටිපාටිය වෙනස් කරන්න අවුරුදු හතරක් එහාට මෙහාට ලියුම් ලියනවා. ලියුමක් ලියලා අනුමැතිය හම්බවෙනකන් ඉන්නවට වඩා, රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඒ අනුමැතිය අරන් දෙන එක සෞඛ්‍ය ලේකම්ගේ වගකීමක්.

උපාධිය පටන් අරන් අවුරුදු 18ක්. දරුවෙක් හැදුවනම් මේ වෙනකොට නාබර වියේ තරුණයෙක්. ඒත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට තවම බැරිවෙලා තියෙනවා උප්පැන්නේ ලියාපදිංචි කරන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයට විභාග තියන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවුරුදු 18 ක් තිස්සේ මේ උපාධිධාරීන්ගේ කුසලතාවය තීරණය කරන්න සුදුසු ක්‍රමයක් හදන්නේ නැති නිසා.

කොහොම වුණත් මේ හැම එකේම වින්දිතයා වෙලා තියෙන්නේ මේ රටේ රෝගීන්. එක පැත්තකින් පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් රට අතහැරලා යනවා. තව පැත්තකින් අවුරුදු හතරක් තිස්සේ බඳවාගැනීම නවත්තල තියෙනවා. තව පැත්තකින් ඔවුන්ගේ විෂය දැනුම පැත්තක තියලා, සාමාන්‍ය දැනුම බලලා උපාධිධාරීන් පත් කරන්න යනවා. අනිත් පැත්තෙන් ප්‍රතික්‍රියක නෑ. උපකරණ වැඩ කරන්නේ නෑ. ඖෂධ ටික නෑ.මේ හැම එකේම උවමනාව පරිපූරක වෛද්‍ය සේවාව නිදහස් සේවාවක් මහජනතාවට ලැබෙන එක නවත්වන එක.

ඒකට විරුද්ධව අපිට ක්‍රියාමාර්ග ගන්න වෙනවා. එනිසා අපි සෞඛ්‍ය ඇමතිවරයාට කියන්නේ වහාම මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න කියලයි. රටේ අනවශ්‍ය ප්‍රශ්න හදන්නේ නැතුව තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න කියලයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *