පරිගණක පද්ධතියේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් අද (17) දිනයේ ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම බිඳවැටීම නිසා හැඳුනුම්පත් නිකුත් කිරීම ඇතුළු දෛනික කටයුතුවලට බාධා එල්ල වී තිබේ.ඒ අනුව බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය මෙන්ම දිවයින පුරා පිහිටි සියලුම පළාත් කාර්යාලවලින් ලබාදෙන “එක්දින සේවාව” ඇතුළු අනෙකුත් සියලුම සේවාවන් අද දින අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත. සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාවට සිදුවන අපහසුව අවම කිරීම සඳහා මෙම පූර්ව දැනුම්දීම සිදුකර තිබේ.දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශ මේ වන විටත් අදාළ පද්ධතිය යථාවත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. දෝෂය නිරාකරණය කළ වහාම සේවාවන් යළි ආරම්භ කිරීමට නියමිත අතර, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පසුව දැනුම් දීමට නියමිතය.























