එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී පාලම කඩා වැටෙයි…

මොරටුව , එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම කඩා වැටීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මන්තීරුවක් මුළු මනින්ම අවහිර වී තිබේ.

මෙලෙස අවහිරව ඇත්තේ මරදාන සිට ගාල්ල දෙසට ගමන් ගන්නා මාර්ගයයි.

පාලම කඩාවැටීමෙන් කිසිවකුටත් හානි සිදු වී නැහැ .

දුම්රිය ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මගීන් විකල්ප මාර්ග වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.

දුම්රිය මාර්ගයේ සුන්බුන් ඉවත් කිරීමද කඩිනමින් සිදුකරමින් ඇතැයි, අප වාර්තාකරු සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 1,225

Leave A Reply

Your email address will not be published. Required fields are marked *