.2025 නව වසරේ වත්මන් රජයේ Clean Sri Lanka වැඩසටහන අද (01) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ විය. එම නිල රාජ්‍ය උත්සවයට සමගාමීව කොළඹ 07 තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී නව වසරේ වැඩ කටයුතු ආරම්භ කෙරුණි.මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහභාගී වූ අතර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩාර, අතිරේක ලේකම්වරුන් සහ අමාත්‍යංශයට අනුබද්ධිත දෙපාර්තමේන්තු සහ ආයතනවල ප්‍රධානීන් , අමාත්‍යංශයේ නිළධාරීන් ද සහභාගී වූ