කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි වැඩබලන පොලිස්පතිගෙන් උපදෙස්..

කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු හදිසියේ මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පෙරේදා එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ කොස්ගොඩ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

සැකකාර තරුණයාව, ඊයේ අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී හදිසියේ රෝගීවී ඇති අතර අනතුරුව ඔහුව රෝහල වෙත රැගෙන යමින් සිටිදී මියගොස් තිබුණි.

ඔහුගේ මෘත දේහය මේ වනවිට බලපිටිය රෝහලේ තැන්පත් කර තිබේ. 
 

What's your reaction?

Related Posts

1 of 1,240

Leave A Reply

Your email address will not be published. Required fields are marked *