ඊයේ දිනයේ කොළඹ නගරයට ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් නගරයේ ප්‍රදේශ කිහිපයක හදිසි ජලගැලීම් තත්ත්වයක් හටගත් බව කොළඹ නගරාධිපතිනිය ප්‍රකාශ කළාය.සාමාන්‍යයෙන් මිලිමීටර් 30ක පමණ වැසි ජලය බැසයාමට සකසා ඇති කොළඹ කාණු පද්ධතියට ඊයේ දිනයේ මිලිමීටර් 129ක අධික වර්ෂාපතනයක් ලැබීම නිසා මෙම පීඩනය හටගෙන ඇති බව ඇය පෙන්වා දුන්නාය.කෙසේ වෙතත්, වර්තමානය වන විට පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අදාළ සියලු බලධාරීන් එක්ව කඩිනමින් කටයුතු කරමින් සිටින බවද නගරාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.



























