ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 34,906ක්

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 34,906 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 14,248ක්.

එහිදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 8452 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි පරිශ්‍රයන් පිරිසිදුව තබා ගන්නා ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *