2025.01.22 වන දින ප.ව.05.00 ට පමණ ගාල්ල බන්ධනාගාරයට පිටතින් ඇති තාප්පයට ඉහලින් යම් පුද්ගලයෙකු විසින් බන්ධනාගාරය තුළට යම් පාර්සලයක් විසි කර ඇත.
ඒ අනුව, එදින බන්ධනාගාරය තුළ දිවා සේවා රාජකාරියේ යෙදි සිටි බන්ධනාගාර නිළධාරීන් මෙම පාර්සලය අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පාර්සලයේ තිබී,
- ජංගම දුරකථන බැටරි සහිතව 07
- හෑන්ඩ් ෆී 02
- දුම්කොල 25
අත්අඩංගුවට ගෙන ඇති අතර, ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ දුම්කොල සියල්ල විනාශ කිරීමටත්, සෙසු තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකාය වෙත භාරදීමට කටයුතු සූදානම් කර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරය මගින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
ගාමිණි බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)


