ගැටඹේ රාජෝපවනාරාමයේ නව විහාරාධිපති ලෙස අකුරැස්සේ සිරි ධම්මවිමල හිමි පත්වෙයි

ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත් කර තිබේ. විහාරාධිපතිව වැඩවිසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර ඇත.​දීර්ඝ කාලයක් රෝගාතුරව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සිරිවිමල නාහිමියෝ වයස අවුරුදු 96දී අපවත් වූහ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පසුගිය 21 වනදා ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

What's your reaction?

Related Posts

1 of 1,390

Leave A Reply

Your email address will not be published. Required fields are marked *