ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් දිවයිනට

වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියම් යෙදීම සඳහා මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් ප්‍රමාණයක් රැගත් නෞකාවක් අද දිනයේ දිවයිනට ළඟා වීමට නියමිතය. ඊයේ දිනයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළෙඳපොළට නිකුත් කර ඇති අතර, අද දිනයේදී තවත් සිලින්ඩර 85,000ක් බෙදා හැරීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබේ.​පසුගිය දින කිහිපයේ බෙදාහැරීම් අඩපණ වීම වත්මන් තත්ත්වයට හේතු වූ බවත්, එළඹෙන අඟහරුවාදා වන විට වෙළෙඳපොළේ ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම විසඳීමට හැකිවනු ඇති බවත් ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා විශ්වාසය පළ කරයි.​මේ අතර, ලාෆ් ගෑස් සමාගම ද සඳහන් කරන්නේ ගෑස් මෙට්‍රික් ටොන් 3,800ක් සහ 3,500ක් රැගත් නෞකා දෙකක් ඉදිරි දින කිහිපය තුළ හම්බන්තොට සහ කොළඹ වරාය වෙත පැමිණීමට නියමිත බවයි. මෙම තොග ලැබීමත් සමඟ ඉදිරි දිනවලදී පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව ගෑස් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,385

Leave A Reply

Your email address will not be published. Required fields are marked *