ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා මිහින්තලා හිමියන්ගෙන් ජනපතිට ලිපියක්

අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් විඳින ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස මිහින්තලය රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමයේ අදාළ සමාව ලබාදීමේ නියෝගය ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ක්‍රමවේදයේ ගැටළුවක් නිසා එය අධිකරණයේ අභියෝගයට ලක්වූ බව උන්වහන්සේ පෙන්වා දෙති. එබැවින්, වර්තමාන ජනාධිපතිවරයාට ඇති බලතල යටතේ නිසි ක්‍රමවේදයක් අනුගමනය කරමින් මෙම සමාව ලබාදීමට කටයුතු කරන ලෙසත්, ඒ සඳහා මහනායක හිමිවරුන්ගේ ද ආශීර්වාදය ලබාගැනීමට අපේක්ෂා කරන බවත් උන්වහන්සේ සඳහන් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,350

Leave A Reply

Your email address will not be published. Required fields are marked *