ඩෙංගු අවදානම යළි ඉහළට

මේ වසරේ ගත වූ මාසය කිහිපය තුළ පමණක් මෙරටින් වාර්තා වු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

එම මාස කිහිපය තුළ බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 7,547ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 4,527ක්.

මෙම වසර තුළ ඩෙංගු මරණ 08ක් පමණ වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ.

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඩෙංගු රෝගය වළක්වා ගැනීම සදහා අවට පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියා.

What's your reaction?

Related Posts

1 of 1,126

Leave A Reply

Your email address will not be published. Required fields are marked *