ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා සංගමයට 50% ක තීරු බදු පැනවීම කල් දමයි..

අමෙරිකාව, යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50% ක තීරු බදු පැනවීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම කල් දමා තිබේ.

ඒ, යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති දුරකතන සංවාදයකදී ඇති කර ගත් එකඟතාවක් මතයි.

තීරු බදු ඉහළ නැංවීමේ නියෝගය, ජුනි පළමු වැනිදා සිට බලාත්මක කිරීමට නියමිතව තිබුණි.

ඒ අනූව ජූලි 9 වැනිදා දක්වා අදාළ නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබේ.

තීරු බදු ලිහිල් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව, මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇත්තේ, විවිධ රටවල් කළ ඉල්ලීම් වලට අනුවයි.

What's your reaction?

Related Posts

1 of 1,126

Leave A Reply

Your email address will not be published. Required fields are marked *