ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා සංගමයටත් බදු පැනවීමට සැරසෙයි

යුරෝපා සංගමයට 25% ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ, මංගල කැබිනට් රැස්වීමට එක්වෙමිනි.

යුරෝපා සංගමය, අමෙරිකාව විනාශ කිරීම සඳහා පිහිටුවා ගත් සංවිධානයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා සංගමය පවසා ඇත්තේ, ඊට එරෙහිව කඩිනමින් ප්‍රතිචාර දක්වන බවයි.

යුරෝපා සංගමය සෑම විටම යුරෝපීය ව්‍යාපාර, කම්කරුවන් සහ පාරිභෝගිකයින් අසාධාරණ තීරුබදුවලින් ආරක්ෂා කිරීමට කැපවන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 1,310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *