තායිලන්තයේ සිට මෙරටට ගෙන්වූ සතුන් 88 දෙනෙකු සමග ව්‍යාපාරික යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ත්ව නිරෝධායන ආයතනයේ නිලධාරීන් සමග ඒකාබද්ධව සිදුකළ වැටලීමක දී සැකකරුවන් ජීවී සතුන් සමග සිය භාරයට ගැනීමට හැකි වූ බව රේගුව ප්‍රකාශ කළේය.
ඊයේ (25) පස්වරුවේ බැංකොන් නුවර සිට පැමිණි ගුවන් යානයකින් පැමිණි අදාළ යුවළ වාතාශ්‍රය ලැබෙන පරිදි සකස් කළ කුඩා පෙට්ටිවල සතුන් රැගෙනවිත් තිබේ.
ඉබ්බන්, ගෙම්බන්, ඉත්තෑවන්, ලේනුන්, මත්ස්‍යයින්, කැස්බෑවුන්, කටුස්සන්, හැම්ස්ටර්, සැලමැන්ඩා, මීයන් සහ තවත් පණු විශේෂයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ සතුන් අතර වේ.
එම සතුන් ගුවන් තොටුපොළ සත්ත්ව නිරෝධායන ආයතනය වෙත භාර දී ඇති අතර සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
අදාළ සැකකරුවන් අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.



























