දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල මෙන්ම මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි පතිත විය හැක. මීට අමතරව මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල වෙරළබඩ කලාපයන්ට උදෑසන කාලයේදී ද වැසි ඇතිවන බව සඳහන් වේ.​අලුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,384

Leave A Reply

Your email address will not be published. Required fields are marked *