පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (27) පස්වරු 04.00 දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක් සඳහා මට්ටම 3 (ඉවත් වීමේ) රතු නිවේදන තවදුරටත් ක්රියාත්මක වන අතර, ගාල්ල, කෑගල්ල, රත්නපුර, කොළඹ, කළුතර සහ මාතර යන දිස්ත්රික්කවල ප්රදේශ රැසක් සඳහා මට්ටම 2 සහ 1 යටතේ අවධානයෙන් හා විමසිලිමත්ව සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇත.



























