හින්දු භක්තිකයන්ගේ සශ්රීකම සංස්කෘතික උළෙල වන දීපාවලී උත්සවය අදට යෙදී තිබේ. අධර්මය පරාජය වී ධර්මය ජයගත් දීප්තිමත් දිනයක් ලෙස සැළකෙන මෙම දිනයේදී, ශ්රී විෂ්ණු දෙවියන් නරගාසුරන් අසුරයා පරාජය කිරීමේ සිද්ධිය සිහිපත් කරනු ලැබේ.දිවයින පුරා සිටින හින්දු බැතිමතුන් අද දිනයේ පහන් දැල්වීම, කෝලම් දැමීම, පොංගල් බත් බෙදීම මෙන්ම මහත් බැතියෙන් දේව වන්දනාවේ නිරත වෙමින් සිටිති. මියගිය ඥාතීන් සිහිපත් කරමින් කෝවිල්වල ගිතෙල් පහන් දල්වන ඔවුන්, රස කැවිලි අනුභව කරමින් මෙම දිනය ඉතා සතුටින් සමරනු ලබයි.නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් කළ ඉල්ලීමකට අනුව, සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්රාර්ථනය පෙරදැරිව සැම දෙනාම සෙසු ලෝකවාසීන්ටද එළිය දකින්නට ඉඩ සළසන්නැයි ප්රාර්ථනා කරමින් ආගමික වතාවත්වල නිරත වෙති.



























