නාගලගම සිද්ධියේ සැකකරුවන් යොදාගත් යතුරුපැදිය පොලිසිය විසින් සොයා ගැනේ

ඊයේ රාත්‍රියේ සිදු වූ ග්‍රෑන්ඩ්පාස්- නාගලගම් වීදිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට සැකකරුවන් දෙදෙනා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මාදම්පිටිය ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී මෙලෙස මෙම යතුරුපැදිය සොයා ගෙන ඇති බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීමට භාවිත කර ඇති ගිනිඅවිය මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල ගිනි අවියක් බව පොලිසිය විසින් සිදු කළ විමර්ශන වලදී තහවුරු වී ඇත.

ඊයේ දින සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 සහ 28 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය තවදුරටත් සඳහන් කළේය. 

What's your reaction?

Related Posts

1 of 1,107

Leave A Reply

Your email address will not be published. Required fields are marked *