නාදුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් මුල්ලේරියාව පොලිසියමගින් සොයාගෙන තිබෙනවා. ඒ එම පොලිසියට දුරකතන ඇමතුමක් හරහා ලද පැමිණිල්ලකට අනුවයි. මුල්ලේරියාව පොලිස් බලප්‍රදේශයට අයත් වැලිවල- දෙල්ගහවත්ත ප්‍රදේශයේ තිබිය දී මෙම මෘත ශරීරය සොයාගෙන තිබෙනවා. ස්ථානීය පරීක්ෂණය මුල්ලේරියාව පොලිසිය මගින් සිදු කළ අතර මළ සිරුර මදක් නරක් වී ඇති බවද පොලිසිය සදහන් කරන ලදී.
මරණකරුගේ අනන්‍යතාවය හදුනාගැනීමට නොහැකි වී තිබෙනවා. මෙම මරණය ස්වභාවික මරණයක්ද, සිය දිවි හානි කරගැනීමක් ද එසේත් නැතිනම් පුද්ගල ඝාතනයක් ද යන්න සොයාබැලීම සදහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. මළ සිරුරෙහි පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිතයි.