පන්සියගම ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

…උදෑසන කාලයේ පන්සියගම පොලිස් වසමේ 07 කණුව ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.ඝාතනයට ලක්‌ වී ඇත්තේ වයස අවුරුදු 23 ක් වූ 07 කණුව, පන්සියගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.ඒම කාන්තාව තම ස්වාමි පුරුෂයා සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මාස කිහිපයකට පෙර තම මවගේ නිවසට පැමිණ එම නිවසේ පදිංචිව සිටියදී මෙසේ ඝාතනයට ලක්ව ඇත. මරණකාරියගේ පුරුෂයා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවට පොලිසිය සැක කරනු ලබයි.මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පන්සියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *