බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාලු, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එමෙන්ම, ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ද පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.



























