ප්‍රවීණ ගීත නිෂ්පාදක ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ කැසට් සංගීත කලාවට පුරෝගාමී දායකත්වයක් සැපයූ ‘සිංග් ලංකා’ ආයතනයේ නිර්මාතෘ, ප්‍රවීණ ගීත නිෂ්පාදක හා ව්‍යාපාරික ආනන්ද ගනේගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 80 වන වියේ පසුවිය. 1980 වසරේදී කැසට් කලාවට පිවිසි ඔහු, මෙරට ප්‍රමුඛ පෙළේ ගායක ගායිකාවන් රැසකගේ විශිෂ්ට ගීත නිර්මාණ සහ කැසට් පට නිෂ්පාදනය සඳහා පුළුල් දායකත්වයක් ලබා දී ඇත.​අභාවප්‍රාප්ත ගනේගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (27) පස්වරු 6.00ට ගල්කිස්ස සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර, අද දහවල් සිට ගල්කිස්සේ ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි ඔහුගේ නිවසේදී හිතවතුන්ට හා රසිකයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය තැන්පත් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,350

Leave A Reply

Your email address will not be published. Required fields are marked *