​පාම් තෙල් ආනයන සීමා ඉවත් කිරීමට උත්සාහ කරන බවට චෝදනාවක්

පාම් තෙල් ආනයනය සඳහා දැනට පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි. ඉදිරි අයවැය යෝජනාවක් හරහා නැවතත් පාම් තෙල් ගෙන්වීමට අවස්ථාව සැලසීමේ සූදානමක් පවතින බව එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.​2021 වසරේදී විද්වත් කමිටු තීරණයකට අනුව පාම් තෙල් ආනයනය සීමා කළේ මහජන සෞඛ්‍යය සහ ආහාර සුරක්ෂිතතාව මුල් කරගනිමිනි. එබැවින් නිලධාරීන්ගේ මෙකී උත්සාහයන් ව්‍යර්ථ කර, පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත් වන ලෙස එම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,390

Leave A Reply

Your email address will not be published. Required fields are marked *