පැල්පත් නිවාස සංකීර්ණයක ගින්නක්

ඉන්දියාවේ දිල්ලි අගනුවර පැල්පත් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ. දිල්ලි අගනුවර රෝහිණි, 17 වන ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස සංකීර්ණයක (27) පෙරවරුවේ මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න මැඩ පැවැත්වීමට පැය කිහිපයක් ගතවී ඇති බව සඳහන් වේ.

පැල්පත් නිවාස සංකීර්ණය වටා නිවාස සංකීර්ණ පිහිට තිබීම හේතුවෙන් ගින නිවන රථ එම ස්ථානට ගෙන යාමට කාලය ගත වී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ගින්නෙන් පැල්පත් නිවාස 800ට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,293

Leave A Reply

Your email address will not be published. Required fields are marked *