බස් රථයක් පෙරළී 21කට තුවාල…

නුවරඑළිය මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඉන් කිසිවෙකු බරපතල තත්ත්වයේ පසු නොවන බවයි.

තුවාල ලැබූවන් නුවරඑළිය රෝහළට ඇතුළත්කර තිබේ.

කුරුණෑගල සිට බදුල්ල දක්වා විනෝද චාරිකාවක් ගමන් කරමින් සිටි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරට ලක්වන විට බස් රථයේ 54 දෙනෙකු ගමන් කරමින් සිට තිබේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *