බෙංගාල බොක්කේ වර්ධනය වන සුළි කුණාටුව නිසා දිවයිනට වැසි

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙය අද (25) ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, හෙට (26) උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත් පත්වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි.​මෙම පද්ධතිය ශ්‍රී ලංකාවට සෘජුව බලපෑම් නොකළද, ඒ දෙසට ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කෙරේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, උතුරු, වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ද පතිත විය හැකිය.​මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ඇතුළු ප්‍රදේශ කිහිපයක පැයට කිලෝමීටර් 30-40 දක්වා වන තරමක තද සුළං හමා යා හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළංවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,394

Leave A Reply

Your email address will not be published. Required fields are marked *