මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ මෑතකදී හටගත් කලහකාරී වාතාවරණය සහ ඉන් සිදුවූ දේපළ හානි පිළිබඳව අවධානය යොමු කරමින්, එහි රඳවා සිටින පුද්ගලයන් බැලීම සඳහා අමුත්තන්ට ලබා දී තිබූ අවස්ථාව තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.ඒ අනුව අදාළ දින තුන වන 2026 අගෝස්තු 03, 04 සහ 05 යන දිනවලදී කිසිදු රැඳවියෙකු වෙත අමුත්තන් පෙන්වීම සිදු නොකෙරෙන බව මහර බන්ධනාගාර අධිකාරී එස්. ආර්. එල්. ගලප්පත්ති මහතා විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ.



























