මාතර, තලල්ල, නාඔටුන්න මුහුද සහ වෙරළ තීරය ආශ්රිතව අද (24) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මෙරට මුහුදු සීමාවෙන් හමුවූ දැවැන්ත මත්ද්රව්ය තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව හා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සමත් විය. ලැබුණු රහසිගත තොරතුරක් මත ක්රියාත්මක වූ ඒකාබද්ධ කණ්ඩායම් මෙම වැටලීම සිදු කර තිබේ.නාඔටුන්න වෙරළ තීරයේ සඟවා තිබූ මත්ද්රව්ය අඩංගු උර 10ක් සහ ගමන් මලු 11ක් සමඟ ඩිංගි යාත්රාවක් මෙහිදී නාවික හමුදා භාරයට ගෙන ඇත. අනතුරුව පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහයෝගය ඇතිව සිදු කළ වැඩිදුර පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ, මෙම තොගය තුළ අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 200කට අධික ප්රමාණයක් සහ හෙරොයින් කිලෝග්රෑම් 275කට වැඩි ප්රමාණයක් අඩංගු බවයි.සමස්ත මත්ද්රව්ය තොගයේ බර කිලෝග්රෑම් 475 ඉක්මවන අතර, මෙලෙස අත්අඩංගුවට ගත් සැකකටයුතු භාණ්ඩ හා යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත. මේ හරහා මෙරටට මත්ද්රව්ය ගෙන ඒමේ විශාල ජාවාරමකට මරු පහරක් එල්ල වී තිබේ.



























