මිත්තණියගේ තරවටු කිරීමකින් පසු දරුවෙකු අතුරුදන් වෙයි

මදුරන්කුලිය, පත්තායම නව ගම්මානයේ පදිංචි 12 හැවිරිදි දරුවකු පසුගිය 18 වැනිදා සිට අතුරුදන්ව තිබෙනවා.

නිවසේ දමිළ චිත්‍රපටයක් නරඹමින් සිටියදී එය නැරඹීම නවතා රූපවාහිනිය වසා දමන ලෙසට දරුවාගේ මිත්තණිය පවසා ඇති අතර ඉන්පසු දරුවා නිවසින් පිටව ගොස් ඇති බවයි නිවැසියන් පැවසුවේ.

පසුගිය 18 වැනිදා පස්වරුවේ දරුවා නිවසින් පිටව යන ආකාරය පුලිච්චිකුලම ප්‍රදේශයේ වෙළෙඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්වී තිබුණා.

අප කළ විමසිමකදි මදුරන්කුලිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ මෙම දරුවා මිත්තණියගේ තරවටු කිරීම හමුවේ ලිපියක් ලියා තබා නිවසින් පිටව ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් එම දරුවා පිළිබදව මෙතෙක් තොරතුරක් වාර්තා වී නැහැ.

මේවන විට එම දරුවා සෙවිම සඳහා මුන්දලම පුලිච්චිකුලම ප්‍රදේශයේ සොදිසි මෙහෙයුමක්ද ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *