යාල්රාණි හෙට සිට යළි ධාවනයට

​ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුව, උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරේ සහ අනුරාධපුරය අතර දුම්රිය සේවා හෙට (22) සිට යළි ආරම්භ කිරීමට නියමිතය. මෙම සේවාවන් ආරම්භ වන්නේ ‘යාල්රාණි’ දුම්රිය ධාවනය කිරීමත් සමඟ වන අතර, ඒ හරහා තාවකාලිකව අත්හිටුවා තිබූ එම මාර්ගයේ නිත්‍ය දුම්රිය සබඳතාව යළි ස්ථාපිත වනු ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සංශෝධිත කාලසටහනට අනුව, කන්කසන්තුරේ සිට අනුරාධපුර දක්වා සහ අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා දිනපතා දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,051

Leave A Reply

Your email address will not be published. Required fields are marked *