පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මළල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම වරට රන් පදක්කම දිනා ගැනීමට හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග සමත්ව තිබේ. මෙය ශ්‍රී ලංකාවක් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී දිනාගත් 6 වැනි රන් පදක්කම වන අතර, 2006 වසරේදී චින්තන විදානගේ බර ඉසිලීමෙන් රන් පදක්කමක් දිනා වසර 20කට පසු මෙරටට හිමි වූ ප්‍රථම රන් පදක්කම ලෙසද මෙය ඉතිහාසයට එක්වේ.මෙහිදී මීටර් 89.75 ක විශිෂ්ට දුරක් වාර්තා කරමින් රුමේෂ් රන් පදක්කම තහවුරු කරගත් අතර, 2024 ඔලිම්පික් ශූර ඉන්දියාවේ නීරාජ් චොප්රා මීටර 85.83 ක දුරක් සටහන් කරමින් මෙවර රිදී පදක්කමට හිමිකම් කීවේය.මෙම ඓතිහාසික රන් පදක්කම සමඟින් මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනාගත් මුළු පදක්කම් සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ ගොස් ඇත.

























