ලංකා බැංකුව (BOC) 2026 වසරේ මෙරට වටිනාම සන්නාමය ලෙස යළිත් පෙරමුණට

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා (Brand Finance Lanka) ආයතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, 2026 වසර වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස ලංකා බැංකුව (BOC) යළිත් වරක් නම් කර තිබේ. ඒ අනුව රුපියල් බිලියන 65.5ක සන්නාම වටිනාකමක් සනිටුහන් කරමින් එම බැංකු ආයතනය මෙරට වෙළඳපල නායකත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට සමත්ව ඇත.​මෙම වසර තුළදී ලංකා බැංකුවේ සන්නාම වටිනාකම 14.1% කින් වර්ධනය වී ඇති අතර, පාරිභෝගික විශ්වාසය මනාව තහවුරු කරමින් එහි සන්නාම ශක්ති ශ්‍රේණිය (Brand Strength Rating) AAA මට්ටම දක්වා ඉහළ නංවා ගැනීමටද හැකි වී තිබේ. ඩිජිටල්කරණයට යොමුවීම, තිරසාර සංවර්ධන ක්‍රියාමාර්ග සහ රටේ ආර්ථික සංවර්ධනයට ලබාදුන් සුවිශේෂී දායකත්වය මෙම ජයග්‍රහණය පසුපස ඇති ප්‍රධාන සාධක බව බැංකු සභාපති කවින්ද ද සොයිසා සහ සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී වයි. ඒ. ජයතිලක යන මහත්වරුන් පෙන්වා දෙති.​පසුගිය 2025 වසරේදී රුපියල් බිලියන 120.8ක බද්දට පෙර ලාභයක් වාර්තා කළ BOC බැංකු ආයතනය, රුපියල් බිලියන 77ක බදු මුදලක් රජයට ගෙවමින් මෙරට ප්‍රමුඛතම ආයතනික බදු ගෙවන්නා ලෙසද අඛණ්ඩව රැඳී සිටියි. එපමණක් නොව, ලෝකයේ විශිෂ්ටතම බැංකු සන්නාම 500 අතරට එක් වූ එකම ශ්‍රී ලංකා බැංකුව ලෙසද ජාත්‍යන්තර මට්ටමින් සුවිශේෂී කීර්තියක් අත්කර ගැනීමට මෙමඟින් හැකි වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,266

Leave A Reply

Your email address will not be published. Required fields are marked *