ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ වෙනිසියුලා විදේශ අමාත්‍ය අයිවන් ගිල් පින්ටෝ (Yván Gil Pinto) මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් පසුගිය සිකුරාදා සිදුවූ බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය. මෙහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳ නිශ්චිත විස්තර අනාවරණය කර නොමැති වුවද, ඇමරිකානු හමුදා විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු උද්ගතව ඇති දැඩි අස්ථාවර භූ-දේශපාලනික තත්ත්වය හමුවේ මෙම ඇමතුම ලබා දී තිබේ. බලයේ සිටින රාජ්‍ය නායකයෙකු මෙලෙස රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් බව අමාත්‍ය විජිත හේරත් මහතා මීට පෙර පෙන්වා දුන් අතර, වෙනිසියුලාවේ ස්වෛරීභාවය සුරකිමින් පවතින ගැටලුව සාමකාමීව විසඳාගත යුතු බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි.


























