පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පාර්ලිමේන්තු බලධාරීන් තීරණය කර ඇත. ඔහුගේ පත්වීමට අදාළව මතුව ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් ජනවාරි 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 2023 සැප්තැම්බර් 15 වැනිදා සිට එම තනතුරේ රාජකාරි ආරම්භ කළ කුලරත්න මහතා මෙලෙස සේවයෙන් අත්හිටුවීමට බලපෑ නිශ්චිත හේතු පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැත.

What's your reaction?

Related Posts

1 of 1,343

Leave A Reply

Your email address will not be published. Required fields are marked *