විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio Isomata) මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වා ඇත. දෙරට අතර පවතින ඓතිහාසික හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී තිබේ.මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වය අතර ඵලදායී අදහස් හුවමාරුවක් සිදු වූ බව විපක්ෂ නායක කාර්යාලය පවසයි. එහිදී ආර්ථික සංවර්ධනය සහ විද්‍යාත්මක හා තාක්ෂණික ක්ෂේත්රවල නවෝත්පාදනයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී ඇත.ඊට අමතරව, පාරිසරික තිරසාරභාවය තහවුරු කිරීම සහ ගෝලීය දේශගුණික විපර්යාසයන්ට මුහුණදීම සඳහා වන ක්‍රමවේද ඇතුළු වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.



























