විල්ගමුව පොලිස් ස්ථානයේ ගිනි අවියක් අතුරුදන්

මාතලේ, විල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුවේ රාත්‍රී සේවා මුර රාජකාරියේ යෙදී සිටි නිලධාරියෙකු සතු T 56 ගිනි අවිය පැහැරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ (25) රාත්‍රී රාජකාරි සිදුකරන ලද විල්ගමුව පොලිස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු සතු ගිනි අවිය සහ පතොරම් සහිත මැගසිනය අතුරුදන් වී ඇති බවයි.

එහිදී රාත්‍රී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියා සතු ගිනි අවිය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන මේ වනවිටත් පැති කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 1,185

Leave A Reply

Your email address will not be published. Required fields are marked *