ශිරන්ති රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීම සඳහා නව දිනයක් ඉල්ලයි

‘සිරිලිය සවිය’ අරමුදලට සම්බන්ධ බැංකු ගිණුමක මූල්‍ය අක්‍රමිකතා සහ ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් පසුගිය දින (24) කැඳවන ලද ශිරන්ති රාජපක්ෂ මහත්මිය, ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා ඇත.​ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙකු FCID වෙත ලිඛිතව දන්වා ඇත්තේ, ඇය මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් විදෙස්ගතව සිටින බැවින්, මේ මොහොතේ පෙනී සිටීමට නොහැකි වන බවයි. කෙසේ වෙතත්, ඇය දිවයිනට පැමිණි වහාම පරීක්ෂණ සඳහා පෙනී සිටින බව එම ලිපියේ සඳහන් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,349

Leave A Reply

Your email address will not be published. Required fields are marked *