ෂාරුක් සහ ගෞරි ජීවත් වූ දිල්ලියේ නිවස පුත් ආර්යන් කෝටි 37කට මිලදී ගනියි

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් ඔහුගේ පියා සහ මව ගෞරි ඛාන් නැවතී සිටි දිල්ලි නගරයේ ගොඩනැගිල්ලක රුපියල් කෝටි 37ක වටිනාකමින් යුත් මහල් නිවාස දෙකක් මිලදී ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

ෂාරුක් සහ ගෞරි ඔවුන්ගේ ජීවිතයේ මුල් කාලයේ ජීවත් වූ ගොඩනැගිල්ල මෙයයි.

එම ගොඩනැගිල්ලේ පහළ මහල සහ බිම් මහල දැනටමත් ඛාන් පවුල සතු බව ද වාර්තා වෙනවා.

මැයි මාසයේදී ලියාපදිංචි කළ ගනුදෙනුවේදී ආර්යන් රුපියල් කෝටි 2.64ක් මුද්දර ගාස්තු වශයෙන් ගෙවා ඇති බව සඳහන්.

What's your reaction?

Related Posts

1 of 1,143

Leave A Reply

Your email address will not be published. Required fields are marked *