සුරේෂ් සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් සලකා බැලීම කල් යයි

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් කිහිපයක් අද (04) අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනුණි. මෙම පෙත්සම් මගින් ඉල්ලා ඇත්තේ අදාළ ප්‍රධාන නඩු කටයුත්තට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අවසර ලබාදෙන ලෙසයි.​මෙසේ අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යන සංවිධාන මගිනි. අද දින අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අදාළ සංවිධාන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් සිය මූලික කරුණු දැක්වීම් සිදු කරන ලදී.​ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, මෙම අතරමැදි පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය තවදුරටත් කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කළේය. ඒ අනුව, ඊට අදාළ වැඩිදුර කරුණු සලකා බැලීම ඉදිරි මස 06 වැනිදා නැවත සිදු කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,301

Leave A Reply

Your email address will not be published. Required fields are marked *