සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වීමට භික්ෂූන් ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කළ රිට් පෙත්සමට මැදිහත් වීමට අවසර ඉල්ලා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.​පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් අදාළ අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව එම පෙත්සම හරහා කරුණු දැක්වීමට උන්වහන්සේලාට අවස්ථාව හිමි නොවනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,390

Leave A Reply

Your email address will not be published. Required fields are marked *