හැටන් ලංගම ඩිපෝවට දීපාවලී සමයේ වාර්තාගත ආදායමක්

දීපාවලී උත්සවය නිමිත්තෙන් ඊයේ (07) දින හැටන් ලංගම ඩිපෝවට එහි ඉතිහාසයේ එක් දිනකදී ලැබූ ඉහළම ආදායම ලබා ගැනීමට හැකි වී තිබේ. ඩිපෝ කළමනාකාර පාලිත වීරසූරිය මහතා සඳහන් කළේ කෙටි හා දුර බැහැර ගමන් සඳහා බස් රථ 82ක් ධාවනයට එක් කළ බවයි.​ඒ අනුව ඊයේ උදෑසන සිට අද උදෑසන 6:00 වන විට රුපියල් 4,765,000ක (හතලිස් හත් ලක්ෂ හැට පන්දහසක) දැවැන්ත ආදායමක් උපයා ගැනීමට ඩිපෝව සමත්ව ඇත. මීට අමතරව, පසුගියදා (05) හැටන් සිට යාපනය දක්වා ධාවනය කළ ලංගම බස් රථයෙන් එක් ගමන් වාරයකට රුපියල් ලක්ෂ දෙකක ආදායමක් ලැබීමටද හැකි වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,413

Leave A Reply

Your email address will not be published. Required fields are marked *