හිටපු සභාපති ධම්මික රණතුංග ඇප මත මුදා හැරේ

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසිනි.​කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාර හිටපු සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සියල්ල සලකා බැලීමෙන් අනතුරුවය.

What's your reaction?

Related Posts

1 of 1,235

Leave A Reply

Your email address will not be published. Required fields are marked *