හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවරදී

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමී උත්සවයට සමගාමීව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර ඉහළින්ම තියෙන චාරිත්‍රයක් වන හිස තෙල් ගෑමේ චාරිත්‍රය අතීතය පටන් අද දක්වාමම නොකඩවා නිසි ආකාරයෙන් සිදුවිය.

අප්‍රෙල් මස 16 වැනි බදාදා පූර්ව භාග 09.04ට යෙදෙන සුබ මොහොතින් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වීමට නියමිතය.

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,142

Leave A Reply

Your email address will not be published. Required fields are marked *