අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් මඟින් මෙහෙයුමක් ආරම්භ කෙරේ

අග්බෝ ඇතා සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.​මෙම සාකච්ඡාවෙන් අනතුරුව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනාගෙන ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් ක්ෂේත්‍රයට පිටත් කර යවා ඇත.​වන අලි සම්පත ආරක්ෂා කිරීමේ ජාතික වැදගත්කම සැලකිල්ලට ගනිමින්, අදාළ රාජ්‍ය ආයතනවල පූර්ණ සහයෝගය ඇතිව මෙම මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,385

Leave A Reply

Your email address will not be published. Required fields are marked *