අධ්‍යාපන අරමුදල් සහ පහසුකම් ඉල්ලමින් ඉතාලිය පුරා දැවැන්ත ශිෂ්‍ය විරෝධතා

අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා වෙන්කරන ප්‍රතිපාදන ඉහළ නැංවීම, පාසල්වල යටිතල පහසුකම් නැංවීම සහ පවතින අධ්‍යාපන ප්‍රතිපත්ති සංශෝධනය කරන ලෙස බල කරමින් ඉතාලියේ රෝමය, ටියුරින්, මිලාන් සහ ෆ්ලෝරන්ස් ඇතුළු ප්‍රධාන නගර රැසක දහස් සංඛ්‍යාත සිසුහු “No Meloni Day” තේමාව යටතේ දැවැන්ත විරෝධතාවල නිරත වූහ. රෝමයේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති විරෝධතාව අතරතුර පිරිසක් පොලිස් නිලධාරීන් දෙසට පටාස්, දුම් බෝම්බ සහ බෝතල් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ තත්ත්වය උණුසුම් වූ අතර, ටියුරින් නගරයේ පැවැති විරෝධතාවලදී ද දේපළවලට හානි සිදු වෙමින් පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් වාර්තා විය.​අධ්‍යාපනික ගැටලුවලට අමතරව අධික ජීවන වියදම, උද්ධමනය සහ රජයේ යුධ වියදම් ඉහළ නැංවීමට එරෙහිව ද විරෝධතාකරුවන් මෙහිදී හඬ නැගූහ. සාමකාමීව අයිතිවාසිකම් දිනාගැනීමට ඇති අයිතිය ආරක්ෂා කරන අතරම රාජ්‍ය දේපළවලට හානි කිරීම සහ ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, ඉදිරි සතිවලදී තවත් ශිෂ්‍ය සහ වෘත්තීය සමිති වර්ජන රැසක් සංවිධානය කිරීමට නියමිත බව සංවිධායකයෝ පවසති.

What's your reaction?

Related Posts

1 of 983

Leave A Reply

Your email address will not be published. Required fields are marked *